සමනළ කදු ශිඛරයේ පහසින් සැදුම්ලත් කුරු ගං ද්‍රෝණියේ සිසිලස විදිමින් මනරම් පරිසරයක පිහිටි අප පාසල අද වන විට මුලු එරත්න ගම්මානයම බබලන කිර්තිමත් පාසලක් බවට පත් වි ඇත.
1910.11.17 වන දින අඩවිකන්ද විද්‍යාලය වශයෙන් සිසුන් 43 දෙනෙකුගෙන් සැදුම්ලත් පිරිමි පාසලක් ලෙස ර/එරත්න මහා විද්‍යලය ආරම්භ විය.බටකොළ සෙවිලි කළ තවකාලික ගොඩනැගිල්ලක පටන් ගෙන පි.එම්.පතිරත්න ගුරුතුමා යටතේ ඉගැන්විම් කටයුතූ මුල්වරට ආරම්භ කෙරිනි.

1912.07.15 වන දින ර/එරත්න මහා විද්‍යාලය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් විය. 1912,1914 යන වර්ශ වලදී බටකොල සෙවිලි කර නැවත පාඨශාලා පිලිසකර කර 1914.03.03 වන දින ඒජන්ත තුමා අතින් විභාගය සමත් වූ සිසුන් සදහා ත්‍යාග ලබා දීමක්ද සිදු විය.
1972 වර්ශයේ අප පාසල තුල විශේෂ හැරවුම් ලක්ශයක් සිදුවූ වර්ශයක් බවට පත් කල හැක. ඒ අප පාසලේ අ.පො.ස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමත් සමගය.2005.06.03 වර්ශයේ පරිඝනක ඒකකයක් ,පුස්තකල්‍යක් හා ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකයක් විවෘත විය.
|
ආරම්භ කළ වර්ෂය |
1910.11.17 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
43 |
|
මුල් ගුරුතුමාගේ නම |
පී.එම්. පතිරත්න |
| පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
අඩවිකන්ද විද්‍යාලය |
|
පාසල පැවැත්වූ ස්ථානය |
එරත්න ග්‍රාමය |