විදුහල්පතිතුමියගේ පණිවිඩය
ර/එරත්න මහා විද්‍යාලය

දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල සබරගමු පළාතේ ඇති දීප්තිමත් පාසලකි. සෞන්දර්ය,ක්‍රීඩා හා විෂය සමගාමී තරග වලින් අප සිසු දරුවන් කලාප පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ ද ලබා ඇත.පාසලෙන් බිහිවූ ආදි සිසුන් බොහෝමයක් අද වන විට රටේ ඉහළ තැන්වල තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරමින් සිටිති.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද ඉහළින් ඇත.මේ නිසා "මාර්ගගත/දුරස්ත අධ්‍යාපන කටයුතු සදහා ද පහසුකම් නොමැති ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම"අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යාපෘතිය යටතේ අප පාසල මධ්‍යස්ථානයක් ලෙස තෝරා පත් කර ගන්නා ලදී.
අප පාසල් ප්‍රජාව හා විවිධ පාර්ශවයන් සමග අදහස් හුවමාරු කර ගැනීමේදී හා තොරතුරු හුවමාරු කර ගැනීමේ දී මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි.මෙම සියලුම පාර්ශවයන්ට අප පාසල් වෙබ් අඩවිය සමග සම්බන්ධ පාසල් උන්නතිය දායක වන මෙන් දන්වා සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර ගෞරවනීය පුරවැසියෙකු ලෙස සිසු දරු දැරියන්ට හෙට ලොව දිනන්නට හැකි වේවා යි මම සුභ ප්‍රාර්ථනා කරමි..!
විදුහල්පතිනි,
ර/එරත්න මහා විද්‍යාලය