නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ර/එරත්න මහා විද්‍යාලය

කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් සනිටුහන් කරගනිමින් ජයග්‍රාහී මාවතේ දිරියෙන් පෙරටම ගමන් කරන එරත්න විදුහල් මව නව තාක්ෂණයේ රන්දොරටුවක් සිසු දුවා දරුවන් ඇතුලු පාසල් ප්‍රජාවට විවර කර දීම සදහා වෙබ් අඩවියක් නිර්මාණය කර එලි දැක්වීමට සූදානම් වන මොහොතේ ඒ සදහා මාගෙ සුභාශිංසන පිරිනමන්නෙ හද පිරි සතුටිනි.
තොරතුරු තාක්ෂණ අංශයෙන් විශාල දිවුණුවක් අත්කර ගැනීමටත් මෙම විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුන් සමග සුවහසක් සම්පත් දායකයින්,දෙස් විදෙස් සුභපතන්නන් එකතු කරගනිමින් විදුහල් මාතාවට ඵලදායි මෙහෙවරක් කිරීමටත් විදුමවගේ අමිල මෙහෙවර ලොවට ගෙනයාමටත් මෙම වෙබ් අඩවියෙන් අවස්ථාව උදා වනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වන අතර ඒ හා සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන ලෙස සියලු පාර්ශව වලට ආරාධනා කර සිටිමි.
ගරු විදුහල්පතිනි D.D.S.බෝගහවත්ත මහත්මියගෙ නායකත්වය යටතේ විදුහල් ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට මග පෙන්වූ A.A.V.අසංක ගුරුතුමාටත්, ඉමහත් කැපවීමෙන් විශාල මහන්සියක් දරා මෙම සත්කාරය ඉටුකල ආදරණීය දුවා දරුවන්ටත් මාගේ හෘදයාංග ස්තූතිය මෙයින් පිරිනම අතර එරත්න මහා විදුහලේ ඓතිහාසික කාර්යභාරය දියුණුවෙන් දියුණුවට පත් වේවායි සුභ ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති,
ර/එරත්න මහා විද්‍යාලය