විද්‍යාලයේ නිර්මාතෘ එරත්න ශ්‍රි සුනන්දාරාමාධිපති අති ගෞරවනීය බටතොට ශ්‍රී සුභූතිතිස්ස නාහිමිපාණනය. ර/එරත්න මහා විද්‍යාලය අඩවිකන්ද විද්‍යාලය යනුවෙන් සිසුන් 43 දෙනෙකුගෙන් සමන්විත පිරිමි පාසලක් වශයෙන් බටකොළ සෙවිලි කළ තාවකාලික ගොඩනැගිල්ලක පටන්ගෙන, එකම ගුරුභවතා වු පී.එම්. පතිරත්න මුල්ගුරුතුමා විසින් ඉගැන්වීම් ආරම්භ කලේය.