සබරගමු පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ගරු සේපාල කුරුප්පුආරච්චි මැතිතුමාගේ සංකල්පයකට අනුව සබරගමු පලාත් දරුවන්ගේ අධ්‍යාපනය සංවර්ධනය සඳහා දක්වනලද සුවිශේෂී දායකත්වය ඇගයීමෙහිලා සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ප්‍රදානය කළ ඇගයීම් සහතික පත්‍ර දෙකක් අප විද්‍යාලයේ ආචාර්ය වරයෙකුට හා ආචාර්යවරියක ට හිමිවූ බව සතුටු සිතින් දන්වා සිටින්නෙමු.
සහතිකපත්‍ර හිමිකරගත් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති තුමා U.A. නිමල් ගුණරත්න ගුරුපියාණන් සහ විද්‍යාලයේ නර්තන ආචාරිනී W. ඉමාෂා වනිගරත්න ගුරු මෑණියන් හට විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සුභාශිංශන.
ඔවුනගේ කැපවීම හා උනන්දුව අගය කරමින් තවදුරටත් ධෛර්යමත් කළ ඔබ සියලු දෙනාට ස්තුතිය පළ කර සිටින්නෙමු.
